යුද ජයග්‍රහන ජනාධිපතිවරණයේ ප්‍රචාරණයට බැහැ: මැතිවරණ කොමිසම (වීඩියෝ)

ඔක් 16, 2019

    යුද්ධය, යුද ජයග්‍රහණය හෝ යුද්ධයේ වීරක්‍රියා ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතුවලට යොදා ගැනීම තහනම් බව මැතිවරණ කොමිසම පවසයි.

    යුද ජයග්‍රහණය එක පක්ෂයක හෝ එක කණ්ඩායමකට හෝ අයත් එකක් නොවන අතර එය සමස්ත රටේ පුරවැසියන්ට අයත් බවද, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදි කියා සිටියේය.

    එ බැවින් යුද්ධය හෝ යුද ජයග්‍රහණ හෝ ඊට අදාළ අනෙකුත් ක්‍රියාකාරකම් ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් භාවිත නොකරන ලෙස දේශපාලන පක්ෂවලට දැනුම් දී ඇතැයි ඔහු පෙන්වා දුනී.

    Last modified on බදාදා, 16 ඔක්තෝබර් 2019 20:21

    Latest News