කොවිඩ් -19 වෛරසය මැඩපැවැත්වීමට හැකි එන්නතක් රුසියාවේ මොස්කව් හි සමාගමක් විසින් නිපදවා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටීන් විසින් තමන්ගේ දියණියක දැනටමත් මෙම කොරෝනා ප්‍රතිරෝධී ඖෂධය එන්නත් කරගෙන ඇති බවයි.

මාස දෙකක කාලයක් මෙම එන්නත් පරීක්ෂණ සදහා යොදාගත් අතර, එහිදී එම එන්නත කාර්යක්ෂම බව ඔප්පු වී තිබේ.

මෙම එන්නත ලබාගත් තම දියණිය මේ වන විට ඉතාමත් සුවයෙන් පසුවන බවද පුටීන් සදහන් කර ඇත.

ඒ අනුව කොරෝනා වෛරසය ප්‍රතිරෝධී එන්නතක් ලියාපදිංචි කළ පළමු රට ලෙස රුසියාව පත්ව තිබේ.

Latest News