උතුරු කොරියා - රුසියා නායකයින්ගේ පළමු හමුව

අප්‍රේ 26, 2019

    රුසියානු ජනාධිපතිවරයා හා උතුරු කොරියා නායකයා අතර පළමු සාකච්ඡාව රුසියාවේ රස්කි දිවයිනේ දී පැවැත්වේ.


    එහි සමාරම්භක අවස්ථාවේදී අදහස් දැක්වූ රුසියානු ජනාධිපති වැලැද්මීර් පූටීන් මහතා ප්‍රකාශ කරේ, උතුරු කොරියානු නායක කිම් ජොන් උන් මහතාගේ සංචාරය කොරියානු අර්ධද්වීපයේ තත්වය විසඳීමට සහය වනු ඇති බවයි.

    අන්තර් කොරියානු සංවාදය වර්ධනය කිරීම සඳහා උතුරු කොරියාව දරන උත්සහය කෙරෙහි රුසියාව ප්‍රසාදය පළ කරන බව ද හෙතෙම පැවසීය.

    එහිදී අදහස් දක්වමින් උතුරු කොරියානු නායකයා ප්‍රකාශ කළේ, මෙම හමුව රුසියා උතුරු කොරියා සබඳතා සංවර්ධනයට හා කොරියා අර්ධද්වීපයේ ගැටළුව විසඳීම සඳහා සහයක් වනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි.

    Latest News