නෙදර්ලන්තයේ වෙඩි තැබීමකින් 3ක් මරුට

මාර් 19, 2019

    නෙදර්ලන්තයේ යූට්රෙච් ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු මියගෙස් තිබේ.

    ට්‍රෑම් රථයක සිට මෙම ඝාතනය සිදුකළ සැකකරු ඊයේ අත්අඩංගුවට ගැනිණ. සිද්ධියෙන් මියගියේ 37 හැවිරිදි තුර්කි ජාතිකයෙක්. බලධාරීන් සඳහන් කළේ වෙඩි තැබීමේ සිද්ධියට අදාළ කරුණු මෙතෙක් අනාවරණය වී නොමැති බවයි.

    සැකකරු එකවිටම ට්‍රෑම් රථයේ ඇතුළත සිට වෙඩි තැබීම සිදුකළ බවයි, සිද්ධිය දුටුවන් පවසන්නේ. මෙම වෙඩිතැබීම පසුගියදා නවසීලන්තයේ සිදුවූ වෙඩි තැබීම අනුගමනය කිරීමක් හා සමාන බවට පොලීසිය සැක පළ කරයි. සැකකරු අත්අඩංගුවට ගැනුණේ සිද්ධිය වූ ස්ථානයේ සිට කිලෝ මීටර 3ක් පමණ දුරින් පිහිටි ගොඩනැගිල්ලකදීයි.

    Last modified on අඟහරුවාදා, 19 මාර්තු 2019 07:48

    Latest News