හැරී පෝටර් කතාවේ හැග්රිඩ් මියයයි

ඔක් 15, 2022
    හැරී පොටර් චිත්‍රපටවල හැග්රිඩ් (Hagrid) චරිතයට පණ පෙවූ  රොබී කෝල්ට්‍රේන්(Robbie Coltrane) අභාවප්‍රාප්තව තිබේ.  මිය යන විට ඔහු 72 වැනි වියෙහි පසුවිය.
    ස්කොට්ලන්ත ජාතික රොබී කෝල්ට්‍රේන්, සිකුරාදා මිය ගොස් ඇතැයි  විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 
    ඔහු ITV රහස් පරීක්ෂක නාට්‍යයක් වන ක්‍රැකර් හි මෙන්ම ජේම්ස් බොන්ඩ් චිත්‍රපටවල, ගෝල්ඩන් අයි සහ ද වර්ල්ඩ් ඊස් නොට් ඉනෆ් හි ද පෙනී සිටියේය.
    නිවේදනයක් නිකුත් කරමින් ඔහුගේ නියෝජිත බෙලින්ඩා රයිට්  පැවසුවේ ස්කොට්පන්තයේ රෝහලකදී ඔහු අවසන් හුස්ම හෙළු  බවයි.
    ඔහු නාට්‍ය වේදිකාවේදී හාස්‍ය කුසලතා පෙන්නුම් කළ චරිතයක් ලෙස ද හැදින්වේ.
    රොබී කෝල්ට්‍රේන්, ‘හැරී පොටර් චිත්‍රපටවල හැග්රිඩ්‘ ලෙස ඔහුගේ භූමිකාව එකතු කරමින් ලොව පුරා සිටින ළමයින්ට සහ වැඩිහිටියන්ට ප්‍රීතිය ගෙන ආ චරිතයක් විය.
    Last modified on සෙනසුරාදා, 15 ඔක්තෝබර් 2022 09:32

    Latest News