චීනයට කෘතීම වැසි

අගෝ 18, 2022

    ‍‍චීනයේ මධ්‍යම සහ නිරිතදිග ප්‍රදේශවලට බලපා ඇති දැඩි නියඟය හේතුවෙන් එම ප්‍රදේශවලට කෘතිම වැසි වැස්සවීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. එම කලාපයේ මාස දෙකකට අධික කාලයක සිට වියළි හා තාප අධික සුළං තත්වයක් පවතින බවයි, වාර්තා වන්නේ.

    ආසියාවේ දිගම ජල මාර්ගය ලෙස සැලකෙන "යැංසි" ගගෙහි ජලය මේ වන විට  වාර්තාගත ලෙස අඩු මට්ටමකට පත්ව ඇති බව, බලධාරීන් පෙන්වා දෙනවා.

    යැංසි ගඟ ආශ්‍රිත  පෝෂක කලාපය  නියඟය හමුවේ වියළියාමෙන්, චීනයට මෙවර වියළි කාලය අති දුෂ්කර එකක් වී ඇති බව, විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. පවතින තාප අධික තරංග හේතුවෙන් වායු සමීකරණ හා අනෙකුත් පහසුකම් සඳහාද දැඩි පිරිවැයක් දැරීමට සිදුව  ඇති බවයි, වාර්තා වන්නේ. 

    පවතින තත්වය හමුවේ චීන බලධාරීන් කෘතිමව වැසි වළාකුළු ඇති කිරීම සඳහා රොකට් ආධාරයෙන් අහසට රසායනික ද්‍රව්‍ය මුදා හැරීමට  පියවර ගෙන තිබෙනවා.

    මෙම ක්‍රියාවලියට ස්වාභාවික කුඩා හෝ වලාකුළු  ප්‍රමාණයක් අවශ්‍යය වන බැවින්, එලෙස ස්වාභාවික වලාකුළු නොමැති ඇතැම් ප්‍රදේශ වෙත මෙම කෘතිම ක්‍රියාවලිය මගින්ද වැසි ලබා ගැනීමට ‍අපොහොසත්  වී ඇති බවයි, විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 18 අගෝස්තු 2022 10:50

    Latest News