“ජේම්ස්වෙබ්” ලබාගත් පළමු ඡායාරූපය

ජූලි 12, 2022

    ‍‍‍නාසා ආයතනය  විසින් අභ්‍යවකාශ ගතකරන ලද “ජේම්ස්වෙබ්” අභ්‍යවකාශ දූරේක්ෂය විසින් ලබා ගන්නා ලද පළමු ඡායාරූපය ඊයේ එළිදක්වනු  ලැබුවා.

    ඡායාරූපය එළිදක්වනු ලැබුවේ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ ප්‍රධානත්වයෙන්, ධවල මන්දිරයේ පැවති උත්සවයක දී. විශ්වයේ මෙතෙක් ගන්නා ලද ගැඹුරුතම සහ වඩාත්ම තොරතුරු සහිත අධෝරක්ත කිරණ ඡායාරූපය ලෙස මෙය සැලකෙනවා.

    එහි පෘථිවියට ආලෝක වර්ෂ බිලියන ගණනක් දුරින් පිහිටි මන්දාකිණිවල ආලෝකය ඇතුළත්ව තිබෙන බවයි, නාසා ආයතනය පවසන්නේ.

    ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දූරේක්ෂය විසින් ලබා ගන්නා ලද තවත් ඡායාරූප රැසක් නාසා ආයතනය මගින් අද දිනයේ එළිදැක්වීමට නියමිතයි.

    අමෙරිකානු ඩොලර් බිලියන 10ක් වැය කර, පසුගිය වසරේ අභ්‍යවකාශ ගතකරන ලද මෙම දූරේක්‍ෂය සැලකෙන්නේ මිනිසා විසින් නිපදවන ලද වඩාත්ම අධි තාක්‍ෂණික අභ්‍යවකාශ දූරේක්‍ෂය ලෙසයි.

    Last modified on අඟහරුවාදා, 12 ජූලි 2022 11:00

    Latest News