ජපාන මැතිවරණයෙන් පාලක පක්ෂයට විශිෂ්ඨ ජයක්

ජූලි 11, 2022

    ‍‍ජපානයේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය තෝරා ගැනීම සඳහා පැවති මැතිවරණයෙන් විශිෂ්ට ජයක් ලබා ගැනීමට පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය සමත් වුණා.

    මන්ත්‍රී මණ්ඩලයේ ආසන 125 න් 75 ක්  හිමි කර ගැනීමට පාලක සන්ධානයට හැකියාව ලැබුණා. එරට හිටපු අග්‍රාමාත්‍යවරයා පසුගියදා වෙඩි ප්‍රහාරයකට ලක් වුණේ, මෙම පක්ෂයේ රැලියකට සහභාගී වෙමින් සිටියදී. පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයට සන්ධානයේ අනෙකුත්  පක්‍ෂවල සහයෝගය නොලබා වුවද, වැඩි බලයක් හිමි වී ඇති බවයි, වාර්තා වන්නේ.

    පාලක සන්ධානයට තුනෙන් දෙකක බලයක් මැතිවරණයේ දී හිමි වී තිබෙනවා. අග්‍රාමාත්‍ය ‍ෆුමියෝ කිෂිඩා පවසන්නේ, පක්‍ෂය ලද ජයග්‍රහණය පිළිබඳ ජනතාවට ස්තූතිවන්ත වන බවයි.

    ජපානයේ ප්‍රධාන විපක්‍ෂය වන ව්‍යවස්ථාදායක ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය මෙවර මැතිවරණයේ දී දැඩි පසුබෑමකට ලක්ව තිබෙනවා. ඒ, පක්ෂයේ නව නායක, ඉසුමි කෙන්ටාගේ නායකත්වය යට‍තේ.

    Last modified on සදුදා, 11 ජූලි 2022 11:56

    Latest News