ශ්‍රී ලංකාවට දිගටම සහය දක්වන බව ඉන්දීය රජය පවසයි...

ජූලි 10, 2022

    ශ්‍රී ලංකාවට දිගටම සහය දක්වන බව ඉන්දීය රජය ප්‍රකාශ කරනවා.

    ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර් මහතා මේ බව කියා සිටියා. ‍වත්මන් අසීරු අවස්ථාවේදී ශ්‍රී ලංකාවට සහය දක්වන්නැයි, කොංග්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි මහත්මිය ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා.

    ඉන්දීය මාධ්‍යවේදීන් පිරිසක් තිරුවානන්දපුරම් ගුවන් ‍තොටුපොළ ආසන්නයේදී ඉන්දීය විදේශ ඇමතිවරයා සමග සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. එහිදී ඔවුන් විමසා ඇත්තේ, ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් ඉන්දීය රජයේ ස්ථාවර කුමක්ද යන්නයි. ශ්‍රී ලංකාව සැලකීමේදී දිගටම සහයෝගිතාව පවත්වා ගැනීම ඉන්දියාවේ ප්‍රතිපත්තිය බව විදේශ ඇමතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. මේ වන විට ශ්‍රී ලංකාව තමන්ගේ ප්‍රශ්න විසඳා ගැනීමට උත්සහ දරමින් සිටිනවා. "ඔවුන් කරන්නේ කුමක්දැයි, අප බලා සිටිනවා" යන්නයි ඉන්දීය විදේශ ඇමතිවරයා පවසා ඇත්තේ.

    නිවේදනයක් නිතුත් කරන ඉන්දීය ජාතික කොංග්‍රස් පක්ෂයේ නායිකාව පවසා ඇත්තේ, ශ්‍රී ලංකාව හා එහි ජනතාව සමග කොංග්‍රස් පක්ෂය මේ අවස්ථාවේ පූර්ණ සහයෝගීතාවයෙන් ක්‍රියා කරන බවයි.

    ජනතාව මුහුණදී සිටින බරපතල අර්බුදය පිටුදැකීමට හැකිවනු ඇතැයි, කොංග්‍රස් නායිකාව ප්‍රකාශ කරනවා. ශ්‍රී ලංකාවට දිගටම සහය දක්වන ලෙසට ඇය ඉන්දීය රජයෙන් ද ඉල්ලීමක් කළා.

    Latest News