මිසයිල ගිවිසුමට තිත..

මාර් 05, 2019

    රුසියාව, අමෙරිකාව සමග අත්සන් කර තිබූ මධ්‍යදුර න්‍යෂ්ටික මිසයිල ගිවිසුමෙන් ඊයේ නිල වශයෙන් ඉවත් විය.

    ඒ අමෙරිකාව ද ඉන් ඉවත්වීමත් සමගයි. මීට අදාළ ලිපි ලේඛනවලට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඊයේ අත්සන් කළ බව, විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අමෙරිකාව පසුගිය මාසයේ එම සම්මුචතියෙන් ඉවත් විය.

    1987 වසරේ මෙම ගිවිසුමට එළඹුනේ න්‍යෂ්ටික යුද්ධයක් ඇතිවීම වැළැක්වීමට සහ එවැනි යුද්ධයක දී යුරෝපා රටවලට සිදුවන බලපෑම අවමකර ගැනීමේ අරමුණෙන්. එහිදී රටවල් දෙකම කිලෝ මීටර 500 සිට 5,500 දක්වා දුර එල්ල කළ හැකි මිසයිල අත්හදා බැලීම, නිෂ්පාදනය හා ළඟ තබා ගැනීමෙන් වැළැකී සිටියා.

    Last modified on අඟහරුවාදා, 05 මාර්තු 2019 07:51

    Latest News