යුක්රේන නාවික හමුදාව, රුසියානු යුධ යාත්‍රාවක් විනාශ කරයි

මාර් 25, 2022

    රුසියානු යුද යාත්‍රාවක් විනාශ කළ බව යුක්රේන නාවික හමුදාව පවසනවා. එය සැපයුම් සඳහා යොදා ගන්නා ප්‍රවාහන යාත්‍රාවක් බවයි වාර්තාවන්නේ.

    යුක්රේනයේ රුසියාව විසින් අත්පත් කරගනු ලැබූ “බර්ඩ්යෑන්ක්ස්“ වරායේ නැංගුරම්ලා තිබූ මෙම යාත්‍රාවට පහර දී විනාශ කළ බව යුක්රේන හමුදා ප්‍රකාශ කරනවා. තවත් රුසියානු ප්‍රහාරක යාත්‍රා දෙකකට හානි සිදුව ඇති බව විදෙස් වාර්තාවල සඳහන්.

    රුසියාව මේ සම්බන්ධයෙන් තවම තාමත් ප්‍රකාශයක් නිකුත් කරන නැහැ.

    Latest News