ඔස්ට්‍රෙිලියාව, සංචාරකයින්ට දේශ සීමා විවෘත කරයි...

පෙබ 07, 2022

    පූර්ණ එන්නත්කරණයට ලක්වූ සංචාරකයින්ට දේශ සීමා විවෘත කිරීමට ඔස්ට්‍රෙිලියාව තීරණය කර තිබෙනවා.

    එය පෙබරවාරි 21 වැනිදා සිට ක්‍රියාත්මකයි. ඔස්ට්‍රෙිලියානු අගමැති ස්කොට් මොරිසන් මේ බව අද ප්‍රකාශ කළා. එහිදී ඔහු පැවසුවේ සංචාරකයින් අතලොස්සකට පමණක් අත්‍යවශ්‍ය කටයුතු සඳහා එරටට ඇතුළුවිය හැකි බවයි. ඔස්ට්‍රෙිලියානු ස්ථිර පදිංචිකරුවන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට, ඔස්ට්‍රෙිලියානු වීසා හිමි පුද්ගලයන් ද මෙම සංචාරක ඝනයට අයත්වනවා. ඔස්ට්‍රෙිලියානු පුරවැසියන්ගෙන් 79% ක් පූර්ණ එන්නත්කරණය ලක් කර තිබේ. කෙසේ වුවද,  එරටින් ඊයේ දිනයේත් ආසාදිතයින් 23,706 ක් වාර්තා වුණා. වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 45 ක්.

    Latest News