චීනයෙන් අධිතාක්ෂණික චන්ද්‍රිකාවක් ගුවනට...

නොවැ 27, 2021

    චීනය අධිතාක්ෂණික චන්ද්‍රිකාවක් අද (27) ගුවන්ගත කළා.

    සතියක කාලයක් තුළ උඩු ගුවනට යැවුනු තුන්වැනි චන්ද්‍රිකාව මෙයයි. නිරිත දිග චීනයේ පිහිටි සීචුවාන් ප්‍රාන්තයේ ෂී-චැං අභ්‍යාවකාශ මධ්‍යස්ථානයෙන් නව චන්ද්‍රිකාව ගුවන්ගත කෙරුණා.

    ඒ සඳහා චීනයේම නිෂ්පාදිත ලෝංග් මාර්ච් වර්ගයේ රොකට්ටුව යොදාගැණුනා. එම වර්ගයේ රොකට්ටු යොදාගනිමින් සිදුකෙරුණු 399 වැනි අභ්‍යාවකාශ මෙහෙවර මෙයයි. චන්ද්‍රිකාව සාර්ථකව ක්‍රියාත්මක වන බව විද්‍යාඥයින් ප්‍රකාශ කරනවා.

    Latest News