රුසියාවේ පතලක ගෑස් කාන්දුවකින් 52ක් මරුට

නොවැ 27, 2021

    රුසියාවේ ගල් අඟුරු පතලක සිදුවූ ගෑස් කාන්දුවකින් මියගිය සංඛ්‍යාව 52ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    පතල තුළ සිරවූ කම්කරුවන් බේරා ගැනීමේ මෙහෙයුම්වල නිරත වූ ජීවිතාරක්ෂකයින් දෙදෙනෙකු ද මියගොස් ඇති බවයි, රුසියානු මාධ්‍ය වාර්තා කරන්නේ.

    සෝවියට් යුගයේ සිට රුසියාවේ පතල් කර්මාන්තය තුළ සිදුවූ දරුණුතම අනතුර මෙයයි. ගෑස් කාන්දුවත් සමග පිපිරීම සිදුවුණේ පසුගිය 25 වැනිදායි.

    පිපිරීම නිසා ගලවා ගැනීමේ කණ්ඩායම්වලට පතලට ගමන් කිරීමට නොහැකි වීම හේතුවෙන් පුද්ගල මරණ වැඩි වී ඇතැයි, වාර්තා වන්නේ. අනතුර සිදුවන අවස්ථාවේ පතලේ 287 දෙනෙකු සේවය කළ අතර, සෙසු සේවකයින් පතලෙන් පිටතට පැමිණියේය.

    දිවි ගලවා ගත් 49 දෙනෙකු විෂ වායු ආග්‍රහණය හේතුවෙන් රෝහල් ගත කෙරිණ. කාර්මික ආරක්ෂණ නීතිවලට පටහැනිව මෙම පතල පවත්වා ගෙන ගොස් ඇති අතර, ඒ හේතුවෙන් පතල් සමාගම් ප්‍රධානියා අත්අඩංගුවට ගෙන තිබේ.

    Last modified on සෙනසුරාදා, 27 නොවැම්බර් 2021 12:16

    Latest News