ලොව වැඩිම දෛනික කොරෝනා මරණ රුසියාවෙන්

නොවැ 26, 2021

    ලොව වැඩිම දෛනික කොරෝනා මරණ රුසියාවෙන් අද (26) වාර්තා වුණා.

    එම සංඛ්‍යාව 1,238ක්. ඩෙල්ටා ප්‍ර භේදයේ සීඝ්‍ර ව්‍යාප්තියත් සමඟ එරට දෛනික ආසාදිතයින්ගේ සංඛ්‍යාවේ ඉහළයාමක් ද පවතිනවා. මේ නිසා රුසියාවේ සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාව ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ.

    රුසියාව කොවිඩ් එන්නත් නිෂ්පාදනයෙන් මූලික වුවද පූර්ණ එන්නත්කරණයට ලක්කර ඇත්තේ, එරට මුළු ජනගහනයෙන් 37%කට පමණයි. අඩු එන්නත්කරණය ‍හේතුවෙන් රෝග ව්‍යාප්තිය වර්ධනය විය හැකි බවයි, සෞඛ්‍ය අංශ අනතුරු අඟවන්නේ.

    Latest News