කාබුල් නුවර බෝම්බ පිපිරීමකින් 19ක් මරුට....

නොවැ 02, 2021

    ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර සිදුවූ බෝම්බ පිපිරීමකින් 19 දෙනෙකු මියගොස් තිබෙනවා.

    43 දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. පිපිරීම සිදුව ඇත්තේ, එරට විශාලතම හමුදා රෝහල ඉදිරිපිටදී. එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, බෝම්බ පිපිරීම් දෙකක් සිදුව ඇති බවයි.

    ඊට අමතරව, වෙඩි හුවමාරුවක් ද සිදුව තිබෙනවා. සිද්ධිය ඇසින් දුටුවකු පැවසුවේ, මෝටර් රථයක බෝම්බ සවිකර තිබූ බවයි. ප්‍රදේශයේ ආරක්‍ෂාව දැඩි කර තිබෙනවා. කෙසේ වුවද මරණ සංඛ්‍යාව මෙතෙක් වාර්තාගත සංඛ්‍යාවට වඩා ඉහළ අගයක් ගනු ඇතැයි විදෙස් වාර්තාවල සඳහන්.

    ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු සංවිධානයක් බාරගෙන නැතත්, අයි එස් සංවිධානය මේ පිටුපස සිටින බවටයි විශ්වාස කෙරෙන්නේ.

    Latest News