ඩුබායි ලෝක ප්‍රදර්ශනය විවෘත කිරීම වෙනුවෙන් චීන ජනාධිපතිවරයාගෙන් දේශනයක්

ඔක් 01, 2021

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි ලෝක ප්‍රදර්ශනයේ චීන මණ්ඩපය විවෘත කිරීම වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද (01) වීඩියෝ මගින් දේශනයක් කළේය.

    මැද පෙරදිග කලාපයේ පැවැත්වෙන පළමු ලෝක ප්‍රදර්ශනය වශයෙන් මෙවර ප්‍රදර්ශනය ඉතා වැදගත් බව හෙතෙම පෙන්වා දුන්නේය. නවෝත්පාදනය මගින් සංවර්‍ධනය මෙහෙයවමින් මානවයන්ගේ පොදු ඉරණම සහිත ප්‍රජාවක් ගොඩනැගීමේ දිශාවට ලෝකයේ සියළු දෙනා ම එක්ව ගමන් කළ යුතු බව හෙතෙම අවධාරණය කළේය. විවිධ රටවල් සමඟ එක්ව නවෝත්පාදන‍ හා සංවර්‍ධන අවස්ථා ප්‍රයෝජනයට ගැනීමට චීනය කැමැත්තෙන් සිටින බව ෂී ජින් පිං මහතා සඳහන් කළේය.

    2020 එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි ලෝක ප්‍රදර්ශනය සහ චීන ප්‍රදර්ශනාගාරය අද (01) විවෘත විය. "මානවයන්ගේ පොදු ඉරණම සහිත ප්‍රජාවක් ගොඩනැගීම-නවෝත්පාදනය හා අවස්ථා" තේමා කර ගන්නා චීන ප්‍රදර්ශනාගාරය අභ්‍යාවකාශ ගවේෂණය, තොරතුරු තාක්‍ෂණය, නවීන ගමනාගමනය හා කෘත්‍රිම බුද්ධිය යන ක්ෂේත්‍රයන්හි චීනය ලබා ගත් සංවර්ධන ජයග්‍රහණ ඉන් විදහා පානයි.

    Latest News