මෙල්බන්හි ආසාදිතයින් සංඛ්‍යාව ඉහළට

සැප් 30, 2021

    ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයෙන් හඳුනා ගැනෙන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව, එරට බලධාරීන් පවසයි.

    මාස දෙකකට ආසන්න කාලයක් එම නගර අඟුලු දමා තිබියදීත් දෛනිකව වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තවමත් ඉහළ අගයක පවතින බව, බලධාරීන් පෙන්වා දෙයි. ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයෙන් අද නව ආසාදිතයින් 1,438 දෙනෙකු හඳුනා ගැණින. වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොරෝනා මරණ 05ක් ද සිදුවූ බව, සෞඛ්‍ය අංශ පවසයි.

    සිඩ්නි සහ කැන්බරා නගරවල ද මේ වනවිටත් අඟුලු දැමීමේ සීමා ක්‍රියාත්මක වුවද එම නගර කොරෝනා වසංගත පාලනයට එරට බලධාරීන්ට මහත් පරිශ්‍රම දැරීමට සිදුව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. කෙසේ වෙතත්, එරට කොවිඩ් ශුන්‍ය තත්වයට පත්කිරීමේ උපාය මාර්ගය වෙනුවට අඟුලු දැමීම් ඉවත් කිරීමේ උපාය මාර්ගය වඩාත් ප්‍රායෝගික වන බවට ඕස්ට්‍රේලියානු බලධාරීන් විශ්වාසය පළ කරයි.

    ඒ අනුව අඟුලු දැමීමේ සීමා ඉවත් කිරීමේ අරමුණින් එරට කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය තවදුරටත් වේගවත් කිරීමට ඔවුන් අපේක්‍ෂා කරයි.

    Latest News