මියන්මාරය කොවිඩ් ව්‍යාප්තියේ දැවැන්තම කේන්ද්‍රස්ථානයක් වුණු ඇතැයි අනතුරු ඇඟවීමක්

ජූලි 29, 2021

    මියන්මාරය කොරෝනා වෛරස ‍ව්‍යාප්තියේ දැවැන්තම කේන්ද්‍රස්ථානයක් වුණු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය විශේෂඥයෙකු අනතුරු අඟවනවා.

    රට තුළ පවතින දේශපාලන අස්ථාවරත්වය ද ඊට සෘජුවම බලපා ඇති බවයි වාර්තා වන්නේ. ගිනිකොන දිග ආසියානු රටක් වන මියන්මාරයේ ඉකුත් පෙබරවාරි මාසයේ සිට හමුදා කුමන්ත්‍රණයකින් බලය අත්පත් කර ගැනීමත් සමග ආර්ථික අර්බුද සහ දේශපාලනයක ගැටලු පවතිනවා. ඒ හේතුවෙන් එන්නත්කරණ වැඩසටහන් නතර වී ඇති අතර වෛරස ආරක්ෂා ආසාදිතයන් හඳුනා ගැනීමට පරීක්ෂණ සිදු කෙරෙන්නේ ද නැහැ. එම නිසා එරට කොරෝනා ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාවද පැහැදිලි නොමැති බවයි මියන්මාරයේ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ටොම් ඇන්ඩෘස්, ගාඩියන් පුවත්පත සමඟ පැවැති සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත්තේ. එසේ වුවද එරට නිල සංඛ්‍යා ලේඛනවල සඳහන් වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 284,000 කට අධිකයි. මෙතෙක් සිදුව ඇති මරණ සංඛ්‍යාව 8,210කි.

    Latest News