යුරෝපා සංගමයේ රටවල් 24 කට කොවිඩ් එන්නත්

දෙසැ 29, 2020

    වයිරස ව්‍යාප්තිය මැඩලීම සදහා යුරෝපා සංගමයට අයත් රටවල් 24 මහා පරිමාණ එන්නත් ලබාදීම ක්‍රියාත්මක වේ.

    ඒ අනුව ස්පාඤ්ඤයේ කැට්ලෝනියා ප්‍රාන්තයේ ප්‍රථම එන්නත ලබාදී ඇත්තේ වයස 89 ක් වන කාන්තාවකටයි.

    මැග්රිට් ප්‍රාන්තයේ ප්‍රථම එන්නත වැඩිහිටි නිවාසයක වාසය කරන වයස 96 ක් වන කාන්තාවකට ලබාදී තිබෙනවා.

    ජර්මනියේ බර්ලින් නගරයේ ක්‍රියාත්මක වයිරසයට එරෙහි එන්නත් ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ ප්‍රථම එන්නත එකසිය එක් වියැති කාන්තාවකට ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

    නව කොරෝනා වයිරස ප්‍රභේදය ද යුරෝපයේ රටවල් කිහිපයකින් වාර්තා වන අතර, එයට මුහුණ දීම සඳහා ෆයිසර් එන්නතට හැකියාවක් ඇති බවට යුරෝපා සංගමය විශ්වාසය පල කරනවා.

    Latest News