දකුණු කොරියාවේ සංචරණ සීමා තවදුරටත්

දෙසැ 25, 2020

    දකුණු කොරියාවේ සංචරණ සීමා තවදුරටත් දැඩි කිරීමට එරට රජය පියවර ගෙන තිබෙනවා.

    ඒ අනුව පොදු ස්ථානවල පස්දෙනෙකුට වඩා වැඩි පිරිසක් එක්රැස්වීම තහනම් කිරීමටයි දකුණු කොරියා සෞඛ්‍ය අංශ උපදෙස් දී තිබෙන්නේ.

    ගත වූ පැය 24 තුළ දකුණු කොරියාවෙන් දහස ඉක්මවා ගිය නව ආසාදිතයන් පිරිසක් හඳුනා ගැනුණා.

    එරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව පනස් දහස ඉක්මවා ගියා.

     

    Latest News