සුදු ජිරාෆ්ට GPS

නොවැ 18, 2020

    මිහිතලය මත ඉතිරි වී සිටින එකම සුදු ජිරාෆ් සත්වයාට ජී පී එස් ලුහුබැදීමේ උපකරණයක් සවි කිරීමට සත්ව විශේෂඥයන් කටයුතු කර තිබේ.

    ඒ දඩයක්කරුවන්ගෙන් මෙම සත්වයා ආරක්ෂා කර ගැනීම සදහායි. මෙම දුර්ලභ සුදු ජිරාෆ් සත්වයා ඊශාන දින කෙන්යාවේ ජීවත් වෙයි. සංරක්ෂක කණ්ඩායම්, පවසන්නේ මෙම හුදෙකලා පිරිමි ජිරාෆ්ගේ චලනයන් අධීක්ෂණය කිරීමේ අරමු‍ණින් ජී පී එස් ලුහුබැදීමේ උපකරණ සවි කළ බවයි.

    ඉකුත් මාර්තු මාසයේ දඩයක්කරුවන් විසින්, මෙම සත්වයාගේ ගැහැණු සත්වයා සහ පැටවා ඝාතනය කිරීමෙන් පසු එම වර්ගයේ ඉතිරිව ඇති එකම සත්වයායි. මෙම සත්වයා ලෙසයි,සැලකෙන්නේ.

    ජිරාෆ් සත්වයින් මේ වන විට වදවී යාමේ අවදානමකට ලක්ව ඇති අතර ඉකුත් වසර 30 තුළ සමස්ත ජිරාෆ් සත්ව ප්‍රමාණයෙන් 40%ක් පමණ මිහිමතින් තුරන් වී ගොස් ඇති බවයි, වාර්තා වන්නේ.

    Last modified on බදාදා, 18 නොවැම්බර් 2020 10:30

    Latest News