ෂින්සෝ අබේ ධුරයෙන් ඉවත් වන බව නිවේදනය කරයි

අගෝ 29, 2020

    සෞඛ්‍ය ගැටළු හේතුවෙන් ධුරයෙන් ඉවත් වන බව ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා නිවේදනය කරයි.

    සෞඛ්‍ය තත්වය නරක අතට හැරී ඇති බවත්, ජූලි මාසයේදී තමාට දැඩි තෙහෙට්ටුවක් දැනෙන්නට පටන් ගත් බවත්, ජපාන ජනතාවට සේවය කිරීමේ හැකියාව පිළිබඳ විශ්වාසය බිඳ වැටී ඇති බවත් අගමැතිවරයා ප්‍රකාශ කර සිටී.

    කෙසේ වුවත් පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී අගමැතිවරයා කියා සිටියේ තම දේශපාලන කටයුතු දිගටම කරගෙන යාමට සැලසුම් කර ඇති බවත්, 2021 අගභාගයේදී පැවැත්වීමට නියමිත මීළඟ මහ මැතිවරණයට ඉදිරිපත් වන බවත්ය.

    තම අනුප්‍රාප්තිකයා පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය විසින් තෝරා ගන්නා තෙක් ධුරයේ රැඳී සිටින බව ද ඔහු කියා තිබේ.

     

     

    Latest News