බෙලරුස්හි විරෝධතා උත්සන්න වෙයි

අගෝ 17, 2020

    බෙලරුස්හි මිනිස්ක් නගරයේ විරෝධතා තවදුරටත් උත්සන්න වී තිබේ. ඒ අනූව ඊයේ දිනයේත් නගරයට රැස්වූ දහස් ගණනක් ජනයා පැවති ජනාධිපතිවරණය අක්‍රමිකතාවලින් යුක්ත බවට චෝදනා කරමින් විරෝධතාවේ නියැලුණි.

    විරෝධතාකරුවන්, ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බලකර සිටියි. ජනාධිපතිවරයා නිවේදනය කළේ, තමා ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් නැති බවයි. ජනාධිපති ලුකෂෙන්කෝට සහය පළ කරමින් ද ඇතැම් උද්ඝෝෂණ දියත් වන බව විදෙස් වාර්තාවල සඳහන්.

    වසර 26ක් පුරා බෙලරුස් පාලනය කරන ජනාධිපති ලුකෂෙන්කෝ ඉකුත් ජනාධිපතිවරණයේදී 80%ක පමණ විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත් බව එරට මැතිවරණ කොමිසම පවසයි. කෙසේ වුවත් බෙලාරුස්හි ප්‍රධාන විපක්ෂය ඇතුළු අසල්වැසි නේටෝ රටවලින් ද නැවත මැතිවරණයක් කැඳවන ලෙස ලුකෂෙන්කොට බලකර සිටියි. බෙලරුස්හි තවත් නගර රැසක ද දැවැන්ත පෙළපාලි පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

    Last modified on සදුදා, 17 අගෝස්තු 2020 11:06

    Latest News