ලොව පුරා කොරෝනා ආසාදිතයින් ලක්ෂ 89 ය පනී

ජූනි 21, 2020

    ලොව පුරා කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් ගණන මේ වනවිට ලක්ෂ 89 ඉක්මවා තිබේ.

    වසංගතයෙන් වාර්තා වී ඇති සමස්ත ගෝලීය මරණ සංඛ්‍යාව 466,901 අධිකයි.

    අමෙරිකාවෙන් ඊයේ කොවිඩ් මරණ 573ක් වාර්තා වී තිබුණි.

    එරට සමස්ත මරණ සංඛ්‍යාව 121,980 ක්.

    එරටින් හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2,330,000 කට අධිකයි.

    ගත වූ දිනයේදී වැඩිම ගෝලීය දෛනික කොවිඩ් මරණ ගණන වාර්තා වුණේ බ්‍රසීලයෙන්.

    ඒ අනුව ඊයේ වාර්තා වූ මරණ 968 ත් සමගින් බ්‍රසීලයේ සමස්ත මරණ 50,000 ඉක්මවා ගියා.

    ඉන්දියාවෙන් ගත වූ පැය 24 තුළ නව මරණ 307 ක් වාර්තා වී තිබුණි.

    එරට මරණ ගණන 13,277 ක්.

    වාර්තා තබමින් ඉන්දියාවේ දෛනිකව හඳුනා ගැනෙන ආසාදිතයන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතින අතර ගෙවුණු දිනයේදී එරටින් ආසාදිතයන් 15,915 ක් හඳුනා ගැනුණි.

    මේ අතර කොවිඩ් ව්‍යාප්තිය ඉහළ යාමත් සමග ඉකුත් 30 වැනිදා වසාදැමුණු චෙන්නායි නගරයේ කොවිඩ් - 19 ආසාදිතයන් සොයන පරීක්ෂණ වැඩි කිරීමට එහි බලධාරීන් පියවර ගෙන තිබේ.

    Latest News