බංග්ලාදේශ හිටපු කි‍්‍රකට් නායකයාට කොරෝනා

ජූනි 21, 2020

    බංග්ලාදේශ ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මෂ්රෆි මොටාසා හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    වෛරසය සම්බන්ධයෙන් සිදු කළ පරික්ෂණවලදී ඔහුට වෛරසය ආසාධනය වී ඇති බවට තහවුරු වී ඇත.

    36 හැවිරිදි මෂ්රෆි මොටාසා, සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් සදහන් කර ඇත්තේ තමන් නිවස තුළ හුදකලාව ස්වයං නිරෝධායනයට ලක්ව ඇති බවත් සියලු දෙනා පවතින් තත්ත්වය හමුවේ ප්‍රවේශම් විය යුතු බවත් ය.

    බංග්ලාදේශයේ ජාතික පාර්ලිමේන්තුවේ සාමාජිකයෙක් ද වන සීමර් මොටාසා තරඟ 310 ක් සදහා ක්‍රීඩා කර ඇත.

    එසේම බංග්ලාදේශයේ දඟ පන්දු යවන නස්මුල් ඉස්ලාම් සහ තමීම් ඉක්බාල්ගේ වැඩිමහල් සහෝදරයා වන පිතිකරු නෆීස් ඉක්බාල්ට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තවුරු වී තිබේ.

    Latest News