කාබුල් අගනුවර මුස්ලිම් පල්ලියක පිපිරීමක්

ජූනි 13, 2020

    ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර මුස්ලිම් පල්ලියක් තුළ සිදුවූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් 4 දෙනෙකු මියගොස් තිබෙනවා.

    මේ ආකාරයෙන් සිකුරාදා දේවමෙහෙය අතරතුර බෝම්බ ප්‍රහාරය එල්ලවීම දැඩි අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය කරන බවයි, කාබුල් ජනතාව පවසන්නේ.

    බෝම්බය අටවා තිබූණේ දේවමෙහෙය පවත්වන ස්ථානයේ බව ඇසින් දුටු සාක්ෂිකරුවන් සදහන් කරනවා.

    ප්‍රහාරයෙන් විශාල පිරිසක් තුවාල ලබා රෝහල් ගතකළ බවයි, රෝහල් ආරංචි මාර්ග නිවේදනය කරන්නේ.

    බටහිර කාබුල් දේවස්ථානයේ පූජකවරයා ද ඔවුන් අතර සිටින බව සඳහන්.

    ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නෑ.

    Latest News