කොරෝනා නිසා දිළිඳු වූ පවුල් සංඛ්‍යාව බිලියන 1.1 ක් දක්වා ඉහළට

ජූනි 13, 2020

    නව කොරෝනා වසංගත අර්බුදය හේතුවෙන් අන්ත දරිද්‍රතාවයේ ජීවත්වන පුද්ගලයින්ගේ සංඛ්‍යාව බිලියන 1.1 දක්වා ඉහළයා හැකි බව එක්සත් ජාතීන්ගේ විශ්ව විද්‍යාලයේ ලෝක සංවර්ධන ආර්ථික විද්‍යා පර්යේෂණ ආයතනය පවසයි.

    නව පර්යේෂණ වාර්තාවක් නිකුත් කරමින් එම ආයතනය ජූනි මස 12 වැනි දින මේ බව ප්‍රකාශ කළේය.

    වසංගතයෙන් ඇති වූ ආර්ථික අවපාතය නිසා අන්ත දරිද්‍රතාවයේ ජීවත්වන පුද්ගලයින්ගේ සංඛ්‍යාව මිලියන 395 කින් ඉහළයා හැක.

    ඇමරිකානු ඩොලර් 1.9 ට වඩා අඩු දෛනික ආදායමක් සහිත අන්ත දරිද්‍රතාවයේ ජීවත්වන ජනතාවගේ සමස්ත සංඛ්‍යාව බිලියන 1.12 දක්වා ඉහළ යා හැකි බව ද එයින් වාර්තා වේ.

    සංවර්ධනය වෙමින් පවතින රටවල දුප්පතුන්ගේ සංඛ්‍යාව විශාල ලෙස ඉහළ යනු ඇතැයි එම වාර්තාව පවසයි.

    අග්නිදිග ආසියාවේ සහ ශාන්තිකර සාගර කලාපයේ සංවර්ධනය වෙමින් පවතින රටවල් වැඩි වශයෙන් පීඩාවට පත්වන අතර, උප සහරා අප්‍රිකානු රටවල් පමණක් ඊටත් පහළින් වැඩිම වශයෙන් පීඩාවට ලක්වන දෙවන කලාපය බවට පත්වනු ඇත.

    අර්බුදයට සාර්ථකව මුහුණ දීමට රටවල් සහයෝගය නොදක්වන්නේ නම්, ගෝලීය දරිද්‍රතාවය අවම කිරීමේ ක්‍රියාදාමය වසර 20 ක් හෝ වසර 30 ක් තරම් පසු බැසීමට ඉඩ තිබෙන බව එහි සඳහන් වේ.

    Latest News