සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් වරදකරු වී වසර තුනක සිර දඬුවම් නියම වී දැනට ඇප මත මුදාහැර සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සන්දේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට යන මහත්වරු එම දඬුවමින් තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන අභියාචනා අද දෙවන දිනටත් අභියාචනාධිකරණය හමුවේ විභාගයට ගත්තා.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට 27 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස දන්වමින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබේ.

හිටපු අමාත්‍ය පාඨලී චම්පික සහ ඔහුගේ රියදුරු ලෙස පෙනී සිටි දිලුම් තුසිත කුමාර,වැලිකඩ පොලීසියේ හිටපු ප්‍රධාන පොලිස් පරීක්ෂක සුදත් අස්මඩල යන පුද්ගලයින්ට අගොස්තු 20 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණය විසින් සිතාසි නිකුත් කර තිබේ.

පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රඳවාගෙන සිටින හිටපු අමාත්‍ය රිෂාද් බදුයුදීන් මහතාගේ සොහොයුරෙකු වන බදියුදීන් මොහොමඩ් රියාජ් නමැත්තා නිදහස් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා සීමිත විරෝධතා ගොනු කළ බව නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

තමන්ව නම් කරමින් ගොනුකර තිබෙන අධිචෝදනා පත්‍රය බලරහිත කරන ලෙස ඉල්ලා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා විසින් ගොනු කර ඇති රිට් පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීම ආරම්භ වුණා.

හිටපු අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් අනූ නව දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කිරීම කොළඹ දිසා අධිකරණය ප්‍රතික්ෂේප කළා.

2013 වසරේ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 3.6 ක් වැලිකඩ බන්ධනාගාරය තුළට සඟවාගෙන රැගෙන ගොස් ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු 60 හැවිරිදි කාන්තාවකට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරන ලදී.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ ජුනි මස 20 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමට එරෙහි පෙත්සම් අටවන දිනටත් අද යළි සලකා බැලේ.

පාර්ලිමේන්තුව විසුරුවා හරමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය ආපසු කැඳවීමට නීතිමය ප්‍රතිපාදන කිසිවක් නොමැති බව ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටියේය.

මහ මැතිවරණ දිනය අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සම් පිළිබඳ වැඩිදුර සලකා බැලීම අද 6 වැනි දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණයේදී සිදු කෙරේ.

Latest News