සාග් උළෙලේදී ලක් මාතාව දිනවූ දූ-පුතුනට ඇගයීමක් (වීඩියෝ)

දෙසැ 16, 2019

    දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට පදක්කම් හිමිකර දුන් මධ්‍යම පළාතේ ක්‍රීඩක-ක්‍රීඩිකාවන් ඇගයීමේ උත්සවයක් අද (16) පැවැත්විණ.

    එය සංවිධාන කළේ, මධ්‍යම පළාත් ක්‍රීඩා අමාත්‍යාංශයයි. මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී මධ්‍යම පළාතේ ක්‍රීඩක-ක්‍රීඩිකාවන් රැසක් ශ්‍රී ලංකාව නියෝජනය කළේය. ඉන් 07 දෙනෙකු රන් පදක්කම් හිමිකර ගත් අතර, රිදී පදක්කම් 08ක් සහ ලෝකඩ පදක්කම් 19ක් දිනා ගත්තේය. ක්‍රීඩක-ක්‍රීඩිකාවන්ට ගැටඹේ රාජෝපවනාරාමයේදී අද උදේ විශේෂ ආශිර්වාද පිංකමක් පැවැත්විණ.

    අනතුරුව ඔවුන් රථ පෙරහැරකින් මහනුවර ජෝර්ජ් ඊ ද සිල්වා උද්‍යානය වෙත කැඳවාගෙන එනු ලැබීය. එහිදී ක්‍රීඩක-ක්‍රීඩිකාවන් සහ ඔවුන්ගේ පුහුණුකරුවන්ට මුදල් ත්‍යාග සහ සමරු තිළිණ පිරිනැමිණ.

    Last modified on සදුදා, 16 දෙසැම්බර් 2019 19:50

    Latest News