ශ්‍රී ලංකා-පකිස්තාන ටෙස්ට් තරගය; ධනංජය නොදැවී ලකුණු 102යි

දෙසැ 15, 2019

    ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර, පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

    තරගය පැවැත්වුණේ පකිස්තානයේ රාවල්ෆින්ඩි හිදී. තරගයේ තෙවන සහ සිව්වන දිනවලට වාර්ෂාවෙන් බාධා එල්ලවිය. අද දිනය ආරම්භ කරන විට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පළමු ඉනිමට කඩුලු 6ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 282ක්. ධනංජය ද සිල්වා තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ 6 වැනි ශතකයට, නොදැවී ලකුණු 102ක් අද වාර්තා කිරීමට සමත්විය. ශ්‍රී ලංකාව කඩුලු 6ක් දැවී ලකුණු 308ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවනු ලැබීය.
    පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පකිස්තාන කණ්ඩායම අද තරගය අවසන් වනවිට කඩුලු 2ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 252ක්. මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ අබීඩ් අලි නොදැවී ලකුණු 109ක් සහ බාබරා අසාම් නොදැවී ලකුණු 102ක් ලබාගැනීමට සමත්වූහ.

    ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 19 වැනිදා කරච්චිහිදී ආරම්භ වීමට නියමිතයි.

    Latest News