ශ්‍රී ලංකා - පාකිස්ථාන් ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අතහැර දමයි

දෙසැ 14, 2019

    සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා පකිස්ථානය අතර පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය වු අද දිනයක් වර්ෂාව හේතුවෙන් කිසිදු පන්දුවක් නොයවා අතහැර දැමිමට සිදුවිය.

    මෙම තරගය රාවල්පිණ්ඩි හි පැවැත්වේ. ක්‍රීඩාංගණය අවට ප්‍රදේශයට ඊයේ රාත්‍රියේදී ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් තණතිලි ආවරණ ජලයෙන් පිරී පැවති අතර ආවරණයෙන් පිටත ඇති ප්‍රදේශ තෙත් ස්වාභාවයක් ගෙන ඇත. ඒ හේතුවෙන් අද දිනය ද අතහැර දැමීමට විනිසුරුවන් තිරණය කළේය.

    slvspark1 900px 19 12 14

    තරගයේ සිව්වන දිනය වු අද දිනයේ දි ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථම ඉනිමට පන්දුවට පහරදෙමින් සිටි. තුන්වන දිනය වු ඊයේ දිනයේදි ද වර්ෂාවෙන් බාදාවිමෙන් තරගය පැයකට පමණ සිමා වුයේය. තරගය නතර කරන විට ශ්‍රි ලංකාව කඩුලු 06 දැවි ලකුණු 282 රැස්කරගෙන සිටියේය. නොදැවි පන්දුවට පහරදෙන ධනංජය සිල්ව ලකුණු 87 ක් සහ දිල්රුවන් පෙරේරා ලකුණු 06 ලබා සිටිති. හෙට තරගයේ අවසන් දිනයයි.

    ශ්‍රි ලංකාව සහ පකිස්ථානය අතර දෙවන ටෙස්ට් තරගය 19 වැනිදා ආරම්භ කිරිමට නිමිතයි.

    Latest News