ටෙස්ට් වරම‍ට අදට 42 ක්

පෙබ 17, 2024
    ශ්රී ලංකාව ටෙස්ට් වරම් හිමි කර ගෙන අදට වසර 42 ක් සපිරෙනවා. 1982 වසරේ පෙබරවාරි මස 17 වැනිදා ශ්රී ලංකාව සහභාගී වූ පළමු ටෙස්ට් තරගය පැවැත්වුණේ, එංගලත්යට එරෙහිව පී සරා ඕවල් ක්රීඩාංගණයේදී.

    ශ්රී ලංකාව පළමු ටෙස්ට් ක්රිකට් තරගයට සහභාගී වුණේ, බන්දුල වර්ණපුරගේ නායකත්වයෙන්. එම තරගය ශ්රී ලංකාව කඩුලු 7 කින් පරාජයට පත් වුණා.

    ශ්රී ලංකාව පළමු වරට ටෙස්ට් තරගයක් ජයග්රහණය කළේ, 1985 වසරේ ඉන්දියාවට එරෙහිවයි. එම තරගය ද පී සරා ඕවල් ක්රීඩාංගනයේදී පැවැත් වුණා. මෙතෙක් ඉතිහාසයේ ශ්රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්යාවක් වාර්තා කර තිබෙන්නේ, කුමාර සංගක්කාරයි.
     
    ඔහු, ටෙස්ට් ක්රිකට් තරග 134 කදී ශ්රී ලංකාව නියෝජනය කරමින් ලකුණු 12,400 ක් රැස් කළා. ශ්රී ලංකාව වෙනුවෙන් ඉනිමක වැඩිම ලකුණු සංඛ්යාවක් රැස් කළේ මහේල ජයවර්ධනයයි. 2006 වසරේදී දකුණු අප්රිකාවට එරෙහිව ලකුණු 374 ක් රැස් කිරීමට සමත් වුණා.

    Latest News