Middle East Crown - Series 5 බොක්සිං තරග මාලාව මෙරටදී

නොවැ 14, 2022

    ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින්ට නැවුම් අත්දැකීමක් එකතු කරමින් මෙරට බොක්සිං ඉතිහාසයේ අමතක නොවන ජාත්‍යන්තර තරගකරුවන් තරගවදින බොක්සිං තරගමාලාවක් 2022 නොවැම්බර් 26 වෙනි දින කොළඹ ෂැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේ Ballroom හිදී සවස 6.00 සිට පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

    DJMC Events UAE විසින් සංවිධානය කරනු ලබන Middle East Crown - Series 5 බොක්සිං තරග මාලාවේ ජාත්‍යන්තර වෘත්තීය බොක්සිං ක්‍රීඩකයින් 20 දෙනෙකු ශූරතා තුනක් සදහා තරගවදිනු ඇත.

    Countdown to the Middle East Crown යනු එක් වාරයකට වෘත්තීය බොක්සිං ඉසව් 10 ක තරග මාලාවක් වන අතර එය මාස 24 ක් පුරා විහිදේ. එහි ඉලක්කය වන්නේ කලාපය තුළ වෘත්තීය බොක්සිං ආකර්ශනය ප්‍රවර්ධනය කිරීම, ලොව පුරා සිටින සුවිශේෂී බොක්සිං කුසලතා ඇතුළත් 'Exciting Fight Cards' ප්‍රදර්ශනය කිරීමයි.

    DJMC විසින් රටවල් 12 ක් නියෝජනය වන පරිදි බොක්සිං ක්‍රීඩකයින් මෙම තරගමාලාවට ගෙන්වීමට කටයුතු යොදා ඇත. ශ්‍රී ලංකාව, එක්සත් ජනපදය, පිලිපීනය, ඉන්දියාව, පකිස්ථානය, ඝානාව, ඉන්දුනීසියාව, යුක්රේනය, ටජිකිස්තානය, තායිලන්තය, ජපානය සහ පිලිපීනය යන රටවල්හි උද්යෝගිමත් පුද්ගලයින්ට ඔවුන්ගේ දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට එමගින් වේදිකාවක් නිර්මාණය කර ඇත.

    මෙම තරගාවලිය නියෝජනය කරමින් ශ්‍රී ලාංකික බොක්සිං ක්‍රීඩකයින් තිදෙනකු වන තරිඳු රොෂාන්, නිරාජ් විජේවර්ධන සහ කෞමිණී හෂිනි ඩුබායි හි DJMC series 3හි වෘත්තීය තරගකරුවන් බවට පත් වී දැන් 5 වන තරගාවලියට සහභාගී වේ.

    ඔවුන් මේ වන විට විශේෂඥ අධීක්ෂණය යටතේ ඩුබායි හි පුහුණුවීම් සිදු කරමින් සිටින්නේ මේ සඳහා සහභාගී වීමටය. ඔවුන්ගේ රසිකයන් සහ ආධාරකරුවන් ඉදිරියේ සටන් කිරීමට අවස්ථාව උදා වී ඇති අතර ඒ සඳහා ඔවුන් පූර්ණ සහයෝගය අපේක්ෂා කරයි.

    Latest News