ශ්‍රී ලංකා ක්‍රිඩිකාවෝ තෙවැනි වරටත් ජය ගනිති....

ඔක් 08, 2022

    ආසියානු ශුරතා කාන්තා 20 -20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර අද (08) පැවති තරගයෙන් ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිඩිකාවන් සමත් වුණා.

    තරගය පැවැත්වුණේ බංග්ලාදේශයේ සිල්හෙට් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේදී.  මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 20 ඇතුළත කඩුලු 7ක් දැවී ලකුණු 105 රැස් කළා. ඔෂාදි රණසිංහ නොදැවී ලකුණු 23යි. චමරි අතපත්තු සහ නිලක්ෂි ද සිල්වා ලකුණු 21 බැගින් ලබාගත්තා. පන්දු යැවීමේදී මැලේසියානු කණ්ඩායමේ අයිනා හෂිම් සහ ෂාෂා අස්මි කඩුලු දෙක බැගින් දවා ගත්තා.

    පිළිතුරු ඉනිම ආරම්භ කළ මැලේසියා කණ්ඩායමේ සියලු ක්‍රිඩිකාවන් පන්දුවාර 9යි පන්දු 5 කදී දැවී ගිය අතර ඔවුන්ට ලබාගත හැකි වුයේ ලකුණු 33ක් පමණයි. විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මල්ෂා ෂෙහාන් ලකුණු  2කට කඩුලු 4ක් බිඳ හෙළුවා.  ඉනෝකා රණවීර සහ සුගන්දිකා කුමාරි කඩුලු 2 බැගින් දවා ගත්තා. ඒ අනුව මේ අතර තරගයෙන්  ශ්‍රීලංකා කාන්තා කණ්ඩායමට ලකුණු 72ක ජයක් හිමි වූ අතර  ශ්‍රී ලංකා ක්‍රිඩිකාවන් තරගාවලියේ ජයගත් තුන්වැනි තරගය ද මෙයයි.

    Latest News