ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම 20-20 ආසියානු කුසලාන අවසන් පූර්ව වටයට... espncricinfo

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම 20-20 ආසියානු කුසලාන අවසන් පූර්ව වටයට...

ඔක් 10, 2022

    ආසියානු කුසලාන කාන්තා 20-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාව අද (10) සමත්වුණා.

    තරගාවලිය පැවැත්වෙන්නේ බංගලාදේශයේදී. ශ්‍රී ලංකාව සහ බංගලාදේශය තරගය අද සිල්හිට්හීදි පැවැත්වුණා. පළමුවෙන් පන්දුවට පහරදුන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. ඔවුන් පන්දුවාර 18යි පන්දුවකදී, කඩුලු 5ක් දැවී ලකුණු 83ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවුණා.  නිලක්ෂි ද සිල්වා ලකුණු 28ක් රැස්කළ අතර හර්ෂිතා සමරවික්‍රම ලකුණු 18යි. පන්දු යැවීමේදී රුමානා අහමඩ් කඩුලු 2ක් දවාගත්තා.

    අනතුරුව බංගලාදේශයට තරගය ජයගැනීම සඳහා පන්දුවාර 7කදී හිමිවූ ඉලක්කය ලකුණු 41ක්. නමුත් ඔවුන් ට නියමිත පන්දුවාර සංඛ්‍යාව අවසානයේ කඩුලු 7ක් දැවී රැස්කිරීමට හැකිවුයේ, ලකුණු 37ක් පමණයි. නිගාරා සුල්තානා ලකුණු 12ක් රැස්කළ අතර සෙසු කිසිම ක්‍රීඩිකාවක් ලකුණු 10 සීමාව පසුකළේ නැහැ. පන්දු යැවීමේදී ඉනෝකා රණවීර කඩුලු 4ක් දවා ගත්තා.

    ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව තරගය ජයගත්තේ ලකුණු 3කින්. ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර තරතාවලියේදි වාර්තා කළ සිව්වැනි ජයග්‍රහණය මෙයයි. මූලික වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරගය හෙට පාකිස්ථානයට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

    Latest News