පකිස්තානු කාන්තා කණ්ඩායමට කඩුලු 08ක ජයක්...

ජූනි 01, 2022

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවති පළමු එක්දින තරගයෙන් කඩුලු 08ක ජයක් හිමිකරගැනීමට පකිස්තාන කාන්තා කණ්ඩායම අද (01) සමත් වුණා.

    තරගය පැවැත්වුණේ, කරච්චි හිදී.  පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 47යි, පන්දු 05ක් අවසානයේ සියුලදෙනා දැවී ලකුණු 169ක් රැස් කළා.

    කවීෂා දිල්හාරී නොදැවී ලකුණු 49යි. ප්‍රසාදිනී වීරක්කොඩි ලකුණු 30ක් රැස්කළා. පන්දු යැවීමේදී ගුලාම් ෆාතිමා ලකුණු 21කට කඩලුු 04ක් බිඳ හෙලුවා. පිළිතුරු ලෙස පකිස්තාන් කණ්ඩායම තරගය ජයගත්තේ, පන්දුවාර 41යි පන්දු 05ක් අවසානයේ කඩලුු 02ක් දැවී ලකුණු 170ක් රැස් කරමින්. සීඩ්‍රා අමීන් ලකුණු 76යි. නායිකා බිස්මා මාරූෆ් නොදැවී ලකුණු 62ක් රැස් කළා.

    Last modified on බදාදා, 01 ජූනි 2022 18:17

    Latest News