බැංගලෝර් පිල දෙවැනි අවසන් පූර්ව තරගයට...

මැයි 26, 2022

    ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත්වුණා.

    ඒ, ඊයේ පැවති තරගයෙන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම පරාජය කරමින්. තරගය කොල්කටාහි ඊඩන් ගාඩන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා. පළමුවෙන් පන්දුවට පහරදුන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 4ක් දැවී ලකුණු 207ක් රැස් කළා. විශිෂ්ට ඉනික් ක්‍රීඩා කළ රාජට් පැටිඩර් ‍නොදැවී ලකුණු 112ක් ලබාගත්තේ, පන්දු 54කදී. ඔහුගේ ඉනිමට හතරේ පහර 12ක් සහ හයේ පහර 7ක් ඇතුළත්.

    පිළිතුරු ලෙස ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී රුස්කරගත හැකිවූයේ ලකුණු 193ක් පමණයි. ඒ අනුව තරගයෙන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට ලකුණු 14ක ජයක් හිමිවුණා. ලක්නව් කණ්ඩායම වෙනුවෙන් නායක කේ.එල්. රාහුල් ලකුණු 79යි. දීපක් හූඩා ලකුණු 45යි. පන්දු යැවීමේදී ජොෂ් හැසල්වුඩ් කඩුලු 3ක් බිඳ හෙලූ අතර, වනිඳුහසරංග එක් කඩුල්ලක් දවා ගත්තා.

    තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය හෙට පැවැත්වෙන්නේ රෝයල් චැලෙන්ජර් බැංගලෝර් සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම් අතරයි. ඉන් ජය ගන්නා කණ්ඩායම ලබන ඉරිදා පැවැත්වෙන අවසන් තරගයේදී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමඟ තරග වැදීමට නියමිතයි.

    Latest News