විල්පත්තු රක්ෂිත වනාන්තර ආශ්‍රිතව පිහිටි කැලෑ කපා ඉවත් කිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය විසින් තමන්ට එරෙහිව දී ඇති තීන්දුවක් බලරහිත කරන මෙන් ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් ඉදිරිපත් කර ඇති අභියාචනයක් සලකා බැලීම සඳහා ජනවාරි මස 19 වන දා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

විල්පත්තු රක්ෂිත වනාන්තර කලාපය ආසන්නයේ පිහිටි කල්ලාරු රක්ෂිත වනාන්තර එළි කොට අනවසර ජනාවාස ඉදිකිරීම නීති විරෝධී බව අභියාචනාධිකරණය තීන්දු කර ඇත.

විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපය ආසන්නයේ පිහිටි කල්ලාරු රක්ෂිත වනාන්තර හෙළි කොට අනවසර ඉදිකිරීම් සෑදීම සහ දැනට සකස් කර තිබෙන ඉදිකිරීම් ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර ඇති පෙත්සමකට අදාළ අවසන් තීන්දුව අප්‍රේල් මස 03 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නිවේදනය කර ඇත.

Latest News