ජනප්‍රිය ගායකයෙකු සහ වාදන ශිල්පියෙකු වූ අභාවප්‍රාප්ත උපාලි කන්නන්ගර මහතාගේ අවමංගල්‍ය, කොහුවල පොදු සුසාන භූමියේ දී හෙට සවස 4.00ට සිදු කෙරේ.

දේහය නුගේගොඩ, ජම්බුගස්මුල්ල මාවතේ, පිහිටි නිවසේ තැන්පත් කර තිබේ. වාදන ශිල්පියෙකු ලෙස සංගීත ක්‍ෂෙත්‍රයට පිවිසි උපාලි කන්නන්ගර මහතා, මෙරට ජනාකර්ෂණයට පත් “සුපර් ස්ටාර්ස්“ වාදක කණ්ඩායමේ නිත්‍ය ගිටාර් වාදකයෙකු විය. පසුකාලීනව ඔහු වඩාත් ජනප්‍රියත්වයට පත්වූයේ ගායන ශිල්පියෙකු ලෙසයි.

“දුම්බර මිටියාවත පැත්තේ, පාරට කිට්ටුව, ඉවසිල්ලක් නෑ දකින තුරා, මගේ ආදර රත්තරනේ, ගෙලේ රන් මාලා දා හැට වී“ උපාලි කන්නන්ගර ගායනා කළ ජනප්‍රිය ගීත අතරින් කිහිපයකි.

ජාතික රූපවාහිනියේ විකාශය වූ “ඉසිවර වෙදදුරු“ ටෙලි නාට්‍යයේ සංගීත අධ්‍යක්‍ෂවරයා වූයේ ද ඔහුයි. උපාලි කන්නන්ගර මහතා මිය යන විට 67 වැනි වියේ පසුවිය.

 

ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

Latest News