පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය පිළිබඳව බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් වලට අදාලව ශ්‍රේෂ්ඨාධිකරණ විසින් දුන් තීන්දු අනුව අය කරගත් මුදල් වලින් රුපියල් මිලියන 245ක් එම ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත් පුද්ගලයින්ට ගෙවා තිබෙන බව නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.