ශ්‍රී ලංකා නාවික හමුදාව අද දින (20) උතුරු මුහුදේ සිදු කළ විශේෂ මෙහෙයුමක් මගින් නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ජාතිකයින් සිව් දෙනෙක් (04) සමඟ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් (01) සහ ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.