ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලබාදුන් ඇස්ට්‍රා සෙනෙකා එන්නත ජනතාවට ලබා දීම නාරාහේන්පිට යුද හමුදා රෝහලේ දී අද ආරම්භ කෙරිණ.

ඉන්දීය රජය ප්‍රදානය කළ කොවිඩ් මර්දන එන්නත් පළමු තොගය ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින් අද (28) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක අන්තර් ජාතික ගුවන් තොටුපොළේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත නිල වශයෙන් භාරදෙනු ලැබීය.

කොවිඩ් මර්දන පළමු එන්නත් තොගය අද ශ්‍රී ලංකාවට ලැබිණ. එන්නත් රැගෙන එනු ලැබුවේ ඉන්දීය ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින්.

කොවිඩ් එන්නත් ලක්ෂ 6ක් ලබන 27 වැනි දින ඉන්දියාවෙන් මෙරටට නොමිලයේ ලැබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. වලල්ලාවිට ප්‍රදේශයේ මේ වන විට පැවැත්වෙන ගම සමග පිළිසඳර වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේය.

Latest News