චීනයේ නිෂ්පාදිත "සයිනොෆාම්" එන්නත් මාත්‍රා මිලියනයක් අද මෙරටට රැගෙන එනු ලැබීය.

චීන රජයේ ප්‍රදානයක් ලෙස හිමි වූ සයිනොෆාම් එන්නත කිරුළපන ප්‍රදේශයේ ජනතාවට අද දිනයේ ලබාදීම සිදුකරන බව, 'කොවිඩ් 19' පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ, ප්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත අද සවස 2.00 සිට මෙරට ජනතාවට ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.

Latest News