කොළොන්නාව ප්‍රදේශයේ විශේෂ වෙසක් කලාපයක් සංවිධානය කර තිබේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එය ඊයේ (18) විවෘත කෙරිණි.
එය සංවිධානය කර ඇත්තේ ප්‍රදේශවාසීන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා විසිනි. වෙසක් කලාප විවෘත කිරීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා මාධ්‍යයට අදහස් පළ කළා......
ඉදිකරමින් පවතින මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාල මණ්ඩපය ඊයේ(17) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකගේ නිරීක්ෂණයට ලක්විය.
අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ද වෙසක් දිනය නිමිත්තෙන් විශේෂ පණිවුඩයක් නිකුත් කර තිබේ.
වසර 2562ක් ඉක්ම ගොස් ඇතත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය නිර්මලව පවතින බව අස්ගිරි පාර්ශ්වයේ මහනායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන් පවසයි.
රට තුළ උද්ගත වූ තත්වය සැලකිල්ලට ගෙන මෙවර වෙසක් සමයේ ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් ඥානාන්විතව, ආරක්ෂාකාරීව හා සාමකාමීව උතුම් තෙමඟුල් දිනය සමරන ලෙස, මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් පවසයි.
අපිට යහපත් අනාගතයකට සැවොම ශ්‍රී ලාංකිකයෝ ලෙස කටයුතු කරන්න අවශ්‍යයි යැයි අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනාහිමියන් බැහැ දැකීමට යෑමෙන් අනතුරුව මධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
ථෙරවාදී බුදුදහම නිසා මෙරට ශිෂ්ටාචාරය මෙන්ම, සිංහල ජාතිය බිහි වූ බවත්, ශ්‍රී ලංකාව ථෙරවාදී බුදු දහමේ කේන්ද්‍රස්ථානය කළ යුතු බවත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
විල්පත්තු රක්ෂිතයේ පැළ ලක්ෂයක් රෝපණය කිරීම යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද(18) ආරම්භ විය.
අභාවප්‍රාප්ත අධිනීතිඥ ඩී.ඩී. වීරක්කොඩි මහතාගේ දේහයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද අවසන් ගෞරව දැක්වීය.