ත්‍රස්තවාදය පැරදවීම සඳහා ශ්‍රී ලංකාවට අමෙරිකාවේ පූර්ණ සහය

මැයි 18, 2019

    ත්‍රස්තවාදය පැරදවීම සඳහා ශ්‍රී ලංකාවට පූර්ණ සහය දක්වන බව අමෙරිකානු එක්සත් ජනපදය යළි අවධාරණය කරයි.

    විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා වොෂින්ටනයේ දී අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා සමඟ විශේෂ සාකච්ඡාවක ඊයේ(17) නිරත විය. එම සාකච්ඡාවේ දී විශේෂ අවධානයක් යොමුවූයේ පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය හා ඉන්පසු තත්ත්වය පිළිබඳවයි. ප්‍රහාරයෙන් අමෙරිකානු ජාතිකයන් පස් දෙනෙක් ගිහින් මිය ගිය බව සඳහන් කළ පොම්පියෝ මහතා ත්‍රස්තවාදයට එරෙහි සටනේ දී ශ්‍රී ලංකාව සමඟ සිටින බව සඳහන් කර ඇත. යුක්තිය, සංහිඳියාව හා වගවීම තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන යන ක්‍රියාමාර්ග රාජ්‍ය ලේකම්වරයාගේ පැසසුමට ලක්විය. ඉදිරි ත්‍රස්තවාදී ක්‍රියා පිටුදැකීමේ දී ඇමෙරිකාවේ සහය වැදගත් වන බවයි විදේශ මහත්මා මහතා මෙහිදී පෙන්වා දුන්නේ.

    Latest News