වෙසක් පොහොය නිමිත්තෙන් සිරකරුවන් 762කට ජනපති පොදු සමාව යටතේ නිදහස් කිරීම ජනපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද(18) සිදුවිය.
ඔස්ට්‍රේලියාවේ මහ මැතිවරණය අදයි. ඉදිරි වසර කිහිපය සඳහා එරට අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජය තීරණය කෙරෙනුයේ, මෙම මැතිවරණයත් සමගයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද කොළඹ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය වෙත පැමිණියේය.
ජාතික රණවිරු දිනයට (19) සමගාමීව සන්නද්ධ හමුදා සේනාධිනායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් විසින් ආරක්ෂක අමාත්‍යාංශයේ හා යුද්ධ හමුදාධිපතිතුමාන්ගේ නිර්දේශය මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරීන් 38 දෙනෙකුට උසස්වීම් ලබා දී තිබේ.
සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය,බෝසතාණන්වහන්සේගේ බුද්ධත්වයට පත්වීම සහ සම්බුද්ධ පරිනාර්වාණය ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ වෙසක් පුර පසළොස්වක පොහොය අදයි.
සියලු ජනතාවට සාමකාමී ලෙස වෙසක් උත්සවය සැමරීමට අවශ්‍ය ආරක්ෂාව ලබාදීමට පියවර ගෙන ඇති බව යුධ හමුදාපති ලුතිතත් ජෙනරාල් මහේෂ් සේනානයක මහතා පවසයි.
වෙසක් දිනයේ වෛරයේ අන්ධකාරය දුරුවී, සමඟිය, සන්තුෂ්ඨිය සහ ප්රබෝධය පිරි නවයුගයක් බිහිවේවා යැයි ප්‍රාර්ථනා කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.
වෙසක් පුර පසළොස්වක පෙහොය නිමිත්තෙන් නිමිත්තෙන් ජනාධිපති පොදු සමාව යටතේ සිරකරුවන් 762 දෙදෙනෙක් නිදහස් කෙරේ. බන්ධනාගාර ඉතිහාසයේ වැඩිම සිරකරුවන් සංඛ්‍යාවක් එකවර නිදහස් කෙරෙන ප්‍රථම අවස්ථාව මෙයයි.
වෙසක් පුර පසළොස්වක පොහොය නිමිති කොටගෙන ශීඝ්‍රගාමි දුම්රිය සියල්ල අද (18) කැලණිය දුම්රිය ස්ථානයේ ද නැවැත්විමට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.