අන්තර් සම්බන්ධිත නවීන මාර්ග ජාලයකට ඇමති මණ්ඩලයේ අනුමැතිය

දෙසැ 20, 2019

    රට තුළ අන්තර් සම්බන්ධිත නවීන මාර්ග ජාලයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වෙයි.

    වාහන තදබදය දැඩිව පවතින ප්‍රදේශයන්හි එම තදබදය සහ රථවාහන අනතුරු අවම කරගැනීම මෙහි මූලික අරමුණ වේ.

    “රට හදන සෞභාග්‍යයේ දැක්ම“ ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව ඉහළ ආර්ථික වර්ධනයක් අත්කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රධාන සාධකයක් ලෙස මාර්ග ජාල පද්ධතිය නවීකරණය හඳුනාගෙන තිබේ.

    ඒ සඳහා ජාතික මහා මාර්ගයන්හි කිලෝමීටර 3ත් - 5ත් අතර පරතරයන්හි පසුකර යාමේ මංතීරු ඉදි කෙරේ.

    රථවාහන තදබදය සහ අනතුරු අවම කරගැනීම සඳහා සමස්ත මාර්ග ජාලය අලුතින් සකසා නවීකරණය කිරීම, ප්‍රධාන මහා මාර්ග හා අධිවේගී මාර්ග වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැකි පරිදි විකල්ප මාර්ග ජාලයක් සංවර්ධනය කිරීම ද මීට ඇතුළත්ය. 

    එම විකල්ප මාර්ග ජාලය වෙත ප්‍රවේශ වීම සඳහා ග්‍රාමීය මාර්ග වැඩි දියුණු කිරීම ද මෙහි ප්‍රමුඛ ව්‍යාපෘතියකි.

    අදාළ යෝජනාව මාර්ග සහ මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

    Latest News