දේශපාලන පක්ෂ නායකයින් මැතිවරණ කොමිසමට කැඳවයි

නොවැ 29, 2019

    සියලු දේශපාලන පක්ෂ නායකයින් ලබන 04 වනදා ජාතික මැතිවරණ කොමිෂන් සභාව හමුවට කැඳවා තිබේ.

    මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ, එදින පෙරවරු 10.00 ට එම කැඳවීම සිදුකර ඇති බවයි.

    ඉදිරි මහ මැතිවරණය ඇතුළු කරුණු කිහිපයක් එහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

    විශේෂයෙන් ජනාධිපතිවරණවලදී අපේක්ෂකයින්ගෙන් අය කරන ඇප මුදල් සංශෝධනය සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙන්ම ඒ සඳහා පක්ෂවල එකඟතාව ලබා ගැනීම මෙම සාකච්ඡාවේ තවත් අරමුණක් බව මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

    Latest News