එස්. සෙල්වසාමි මහතාගේ සහයත් සජිත්ට; තිස්ස අත්තනායක (වීඩියෝ)

ඔක් 22, 2019

    ලංකා කම්කරු කොංග්‍රසයේ ආරම්භක ලේකම්වරයා වූ එස්. සෙල්වසාමි මහතා, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය පළ කිරීම සඳහා එක්විය.

    මේ බව ප්‍රකාශ කෙරුණේ අද පැවති මාධ්‍ය හමුවකදී. එහිදී අදහස් දැක්වූ තිස්ස අත්තනායක මහතා....

    “ලංකා කම්කරු කොංග්‍රසය නිර්මාණය කරන්න මුලික වෙලා ක්‍රියා කරපු ආරම්භක ලේකම්වරයා මේ සෙල්වසාමි මහතා. ඇත්තටම එස්.තොන්ඩමන් මහතා ලංකා කම්කරු කොන්ග්‍රසයට නායකත්වය දුන්නට සැබෑ ලෙසම මේ ව්‍යාපාරය ගෙනිච්චේ සෙල්ලසාමි මැතිතුමා කියන එක මේ වතුකරයේ ජනතාව දන්නවා. මේ මොහොතේ වතුකරයේ ජනතාව අසීමිත සේවාවක් ඉටු කරන්න කැපවෙච්ච රණසිංහ ප්‍රේමදාස මැතිතුමා වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මහතා තරග කරන අවස්ථාවේ දී වතුකරයේ ජනතාවගේ යුතුකමක් හැටියට සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ජයග්‍රහණය තහවුරු කරන්න පෙළ ගැසෙන්න කියන පණිවුඩය ලබාදෙන්න කියලයි සෙල්ලසාමි මහතා මෙතනට පැමිණ තිබෙන්නේ“ යැයි තිස්ස අත්තනායක මහතා පැවසීය.

    Last modified on අඟහරුවාදා, 22 ඔක්තෝබර් 2019 19:38

    Latest News